free web stats

ගුරු සේවයට උපාධිධාරීන් 23,000 ක් බඳවා ගැනීමට සූදානම්

ගුරු සේවය සඳහා උපාධිධාරීන් 23,344 ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පසුගියදා එම බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට විභාග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එක් විභාගයක් දැනට රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් සඳහා විවෘත වේ.

අනෙක් විභාගය සියලු උපාධිධාරීන් සඳහා විවෘත කිරීමට තීරණය කර ඇති බව, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම ප්‍රතිඵල පාදක කර ගනිමින් කඩිනමින් සුදුසුකම් ලාභීන් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *