වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ නොබෙල් ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි
වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා.
ඒ විපක්ෂ නායිකාව සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැති හමුවකදී.
හමුවෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යවෙදීන් අමතමින් ඇය පවසා ඇත්තේ වෙනිසියුලානු ජනතාවගේ නිදහස සඳහා ඔහුගේ කැපවීම අගය කිරීමක් ලෙස සිය සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බවයි.
පැයකට වඩා කාලයක් පැවති මෙම හමුව අමෙරිකානු ජනාධිපතිවරයා සහ වෙනිසියුලානු විපක්ෂ නායිකාව අතර පැවැත්වූ පළමු හමුව වන අතර අමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු ඇය රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් යන දෙඅංශයේම සෙනෙට් සභිකයින්ද හමුව තිබෙනවා.
මේ අතර සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ හමුවූ බවත් ඇය බොහෝ දේ අත්විඳ ඇති කාන්තාවක් වන බවයි.
එමෙන්ම ඇය සිය නොබෙල් සාම ත්‍යාගය තමන්ට ප්‍රධානය කළ බවත් තමන් ඒ සම්බන්ධව ඇයට සිය ස්තූතිය පළ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව තිබෙනවා.

