free web stats

IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසනවා.

පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට මෙම දූත පිරිස මෙරට සංචාරය කරනු ඇති බව ඇය පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *