free web stats

උණ්ඩ තොගයක් සමග රත්මලානේදී දෙදෙනෙක් අත්අඩංගුවට

උණ්ඩ තොගයක් සමග රත්මලානේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඔවුන් නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයේ සැකකරුවන්ට අයත් ලොකර්වල තිබී එම උණ්ඩ සොයා ගෙන ඇති බවයි.

T 56 ජිව උණ්ඩ 07 ක්, T 56 හිස් උණ්ඩ කොපු 02 ක්, T 56 පුහුණු උණ්ඩ 01 ක්, 9 MM වර්ගයේ ජීව උණ්ඩ 17ක්, සොයා ගත් උණ්ඩ අතර වේ.

මීට අමතරව ඔවුන්ට අයත් ලොකර්වල තිබී උල් පිහි 02 ක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *