විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 300ක් අත්අඩංගුවට
ගතවූ දින 15 තුලදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ යෙදුණු රියැදුරන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.
රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසුවේ, ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පියවර ගන්නා බවයි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාරය මගින් මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළා.

