නුවරඑළියට උදෑසන පතිතවෙන මල් තුහිණ
මේ දිනවල උදෑසන කාලයේ නුවරඑළිය ප්රදේශයේ ඇතැම් ස්ථානවල මල් තුහිණ පතිත වී තිබෙන අයුරු දක්නට ලැබෙනවා.
සෑම වසරකදීම පාහේ දෙසැම්බර් මාසයේදී මෙම මල් තුහිණ දක්නට ලැබුණද මෙම වසරේදී ජනවාරි මාසයේ දී දක්නට ලැබෙන බව ප්රදේශවාසීන් පවසනවා.
මෙම මල් තුහිණ පතිත වීමෙන් තේ, එළවළු සහ මල් නිෂ්පාදනයට විශාල බලපෑමක් සිදු වී ඇති අතර, විශේෂයෙන් තේ ගස්වල කොළ පිළිස්සීමකට ලක් වන බව වගාකරුවන් පවසනවා.

