free web stats

නැගෙනහිර රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වේ.

ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත මෙසේ වැඩ වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *