සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය විශිෂ්ටයි
දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය විශිෂ්ට ලෙස සිදුකර තිබෙන බවට අන්තර්ජාතික සංවිධාන පවා පිළිගෙන තිබෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් පළ කළ සමන්ත විද්‍යාරත්න මහතා පැවසූවේ,
“ආපදා තත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. නිවාස හා දේපළ හානියට පත්ව තිබෙනවා. මේ ආපදාව සිදුවෙලා මාස දෙකක් නැහැ. ඒ කාලයේ කළ කාර්යය පොඩි නැහැ. දිස්ත්‍රික්ක තුනකට පමණයි බලපෑවේ නැත්තේ. මේ පාර උදවු කරන්න සිටි පිරිස අඩු වුණත් ඒක විශිෂ්ට ලෙස කළමනාකරණය කර තිබෙනවා. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ද කියා තිබෙනවා. ආපදාවට පත් පවුල් සංඛ්‍යාව 659197ක් වෙනවා. 600ට වැඩි පිරිසක් මියගියා. ජනාධිපතිවරයාට වෙන්වූ හෙලිකොප්ටර් දෙකක් තිබෙනවා. ඒවත් ජනතාවට සහන ලබා දෙන්න, ජනතාවගේ ජීවිත බේරා ගන්න යොදා ගත්තා.”

