නවසීලන්තයේ නායයෑමකින් පිරිසක් අතුරුදන්
නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
නවසීලන්ත සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍ර දේශයේ කඳවුරු භූමියක මෙම නායයෑම වාර්තා වී ඇති බව සඳහන් වේ.
ජීවිත බේරාගත් අය සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා.
පවතින තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධිවීම් ද වාර්තා වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
ඕක්ලන්ඩ් නගරය අවට බොහෝ ප්‍රදේශවලට දැඩි බලපෑම් සිදු ව ඇති අතර කාලගුණ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබී ඇත.
ඕක්ලන්ඩ් නගරයට උතුරින් පිහිටි මහුරංගි ගඟේ ජල මට්ටම අවදානම් මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මාර්ග ද ජලයෙන් යට වී ඇති බැවින් අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් වලින් වැළකී සිටින ලෙස ද දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

