free web stats

ලාංකීය සිනමාවේ හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවත්සර සැමරුම් උළෙල ආරම්භවේ

චිත්‍රපට සංස්ථාවේ සංවත්සර සැමරුම් උත්සවය ඊයේ 21වන දින බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙව් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිළධාරින් හා සිනමා කලාකරුවන්ගේ සභාගීත්වයෙන් ප.ව 3.00 ට චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුණා.
මෙහිදී ජාතික ච්ත්‍රපට සංස්ථා සිනමා ඩ්ප්ලෝමාලභී අනුර දහනායක මහතා රච්ත “සිනමා නදියේ උඩුගං බලා” කෘතියද ජනගත කිරීමද සිදුව්ය.

මෙම සිනමා සංවත්සරයට සමගාම්ව වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ජනවාරි 22 දින සිට 25දින දක්වා සංවත්සර සිනමා දැක්මක් තරංගනී සිනමාශාලාවේදී නොම්ලේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ආරාධිතයින් උදෙසා
ච්ත්‍රපට අළෙව්කරණය පිළිබදව ව්ද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩමුළුවක්ද සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම සිනමා ශිල්පීන් වෙනුවෙන් ජනවාරි 31 වන දින පෙ.ව 9.30 සිට ප.ව 3.00 දක්වා නොමිලේ වෛද්‍ය සායනයක් ච්ත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්ව්මටද කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *