free web stats

සුළි කුණා­ටු­වෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා කළ­ම­නා­ක­ර­ණය විශි­ෂ්ටයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා කළ­ම­නා­ක­ර­ණය විශිෂ්ට ලෙස සිදු­කර තිබෙන බවට අන්ත­ර්ජා­තික සංවි­ධාන පවා පිළි­ගෙන තිබෙන බව වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා ප්‍රකාශ කළා.

වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ සමන්ත විද්‍යා­රත්න මහතා පැවසූවේ,

“ආපදා තත්වය හේතු­වෙන් විශාල පිරි­සක් පීඩා­වට පත්ව තිබෙ­නවා. නිවාස හා දේපළ හානි­යට පත්ව තිබෙ­නවා. මේ ආප­දාව සිදු­වෙලා මාස දෙකක් නැහැ. ඒ කාලයේ කළ කාර්යය පොඩි නැහැ. දිස්ත්‍රික්ක තුන­කට පම­ණයි බල­පෑවේ නැත්තේ. මේ පාර උදවු කරන්න සිටි පිරිස අඩු වුණත් ඒක විශිෂ්ට ලෙස කළ­ම­නා­ක­ර­ණය කර තිබෙ­නවා. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය ද කියා තිබෙ­නවා. ආප­දා­වට පත් පවුල් සංඛ්‍යාව 659197ක් වෙනවා. 600ට වැඩි පිරි­සක් මිය­ගියා. ජනා­ධි­ප­ති­ව­ර­යාට වෙන්වූ හෙලි­කො­ප්ටර් දෙකක් තිබෙ­නවා. ඒවත් ජන­තා­වට සහන ලබා දෙන්න, ජන­තා­වගේ ජීවිත බේරා ගන්න යොදා ගත්තා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *