කාර් රථයේ T56 ගිනිඅවියක් දමා පලාගිය සැකකරු මාට්ටු
රාගම පොලිස් වසමේදී ඉකුත් දෙසැම්බර් මස 23වනදා T56 ගිනිඅවියක් සමගින් කාර් රථයක් දමා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකි අනතුරුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මෙහිදී ප්‍රධාන සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 520ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරු මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 52 හා 54 වයස්වල පසුවන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (24) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

