free web stats

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 (Super Sixes) වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද (26) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වේ.

සිම්බාබ්වේ හා නැමීබියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී මෙරට වේලාවෙන් ප.ව. 1ට ආරම්භවීමට නියමිතයි.

කාණ්ඩ දෙකක් යටතේ යටතේ පැවැත්වෙන සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයෙන් (Group 1) ශ්‍රී ලංකාව ක්‍රීඩාකරනු ලබයි.

එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, බ.ඉ. කොදෙව්, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන කණ්ඩායම්ද ඇතුළත්ව ඇත.

මෙහි දෙවන කාණ්ඩයට (Group 2) ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, නවසීලන්තය හා සිම්බාබ්වේ සුදුසුකම් ලබා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *