free web stats

අස්වැ­සුම – වැඩි­හිටි දීමනා අද බැංකු ගිණු­ම්ව­ලට

අස්වැ­සුම ප්‍රති­ලා­භීන්ගේ පළමු අදි­යරේ සහ දෙවැනි අදි­යරේ ජන­වාරි මස දීම­නාව සහ වැඩි­හිටි දීම­නාව ලෙස රුපි­යල් මිලි­යන 16,902.95ක මුද­ලක් අද (28) දිනයේ එම ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරී­මට පිය­වර ගෙන තිබෙනවා.

අස්වැ­සුම ප්‍රති­ලා­භීන්ගේ පළමු අදි­යරේ සහ දෙවැනි අදි­යරේ ජන­වාරි මස දීම­නාව ලෙස ප්‍රති­ලාභී පවුල් 1,664,038ක් වෙත රුපි­යල් මිලි­යන 13,469.85ක් සහ වැඩි­හිටි දීම­නාව ලෙස ප්‍රති­ලා­භීන් 686,623ක් අතරේ රුපි­යල් මිලි­යන 3433.11ක් බෙදා­දී­මට නිය­මිත බව මුදල්, ක්‍රමසම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරනවා.

අස්වැ­සුම පළමු අදි­යර සහ දෙවැනි අදි­ය­රට සුදු­සු­කම් ලැබූ ප්‍රති­ලා­භීන්ගේ ජන­වාරි මස දීම­නාව මෙන්ම එම අදි­යර දෙක­ටම අදාළ ජන­වාරි මස වැඩි­හිටි දීම­නාව අද දිනයේ එම ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරී­මට කට­යුතු යොදා තිබෙනවා.

ඒ අනුව අස්වැ­සුම පළමු අදි­ය­රට අදා­ළව රුපි­යල් 11,234,713,750ක මුද­ලක් ප්‍රති­ලාභී පවුල් 1,415,584ක් අතරේ බෙදා­හ­රි­මින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර­කි­රී­මට නිය­මි­තව තිබේ.

අස්වැ­සුම පළමු අදි­ය­රට අදාළ ජන­වාරි මස වැඩි­හිටි දීම­නාව ලෙස රුපි­යල් 3,092,200,000ක මුද­ලක් ප්‍රති­ලා­භීන් 618,440ක් අතරේ බෙදා­හැ­රී­මට නිය­මි­තව ඇත.

අස්වැ­සුම දෙවැනි අදි­ය­රට අදාළ ජන­වාරි මස දීම­නාව ලෙස රුපි­යල් 2,235,137,500ක මුද­ලක් ප්‍රති­ලාභී පවුල් 248,454ක් අතරේ බෙදා­හ­රි­මින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර­කි­රී­මට නිය­මි­තයි.

අස්වැ­සුම දෙවැනි අදි­ය­රට අදාළ ජන­වාරි මස වැඩි­හිටි දීම­නාව ලෙස රුපි­යල් 340,915,000ක මුද­ලක් ප්‍රති­ලා­භීන් 68,183ක් අතරේ බෙදා­හ­රි­මින් ඔවුන්ගේ අස්වැ­සුම ගිණු­මට බැර­කි­රී­මට නිය­මිත බව ද එම අමා­ත්‍යාං­ශය සඳ­හන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *