free web stats

චිත්‍රපට කලාකරුවන් හා කාර්මික ශිල්පීන් සඳහා විශේෂ වෛද්‍ය සායනයක්

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 79 ක් සහ ශ්‍රී ලංකා ජාතික ච්ත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 54 ක් සපිරීම නිම්ත්තෙන් සංවිධානය කළ සංවත්සර සැමරුම් වැඩසටහන් මාලාවට සමගාමීව
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් විශේෂ වෛද්‍ය සායනයක් සංවිධානය කර තිබෙනවා.

චිත්‍රපට කලාකරුවන් සහ කාර්මික ශිල්පීන් සඳහා මෙම
විශේෂ වෛද්‍ය සායනය ජනවාරි 31වන (සෙනසුරාදා) දින
පෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී
පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

එහිදී ලබාගත හැකි සේවාවන් ලෙස
රුධිර පීඩන, සීනි, කොලෙස්ටරෝල් පරීක්ෂා,අක්ෂි සහ දන්ත පරීක්ෂා,
මානසික සෞඛ්‍ය ඇතුළු වෛද්‍ය උපදේශන හා ඖෂධවේදී සේවාවන් ඇතුලත් කර තිබේ.

සිනමා කලා ශිල්පින්ගේ සුබසාධනය උදෙසා සංවිධානය කර ඇති මෙම විශේෂ වෛද්‍ය සායනය පිළිබඳ වැඩි­දු­ර­ විස්තර
011 259 0761 / 077 155 7146 / 071 443 7950 යන දුරකථන අංක ඔස්සේ ඔබට දැන ගැනීමට පුළුවන් කම ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *