අස්වැසුම – වැඩිහිටි දීමනා අද බැංකු ගිණුම්වලට
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ජනවාරි මස දීමනාව සහ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් මිලියන 16,902.95ක මුදලක් අද (28) දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබෙනවා.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ජනවාරි මස දීමනාව ලෙස ප්‍රතිලාභී පවුල් 1,664,038ක් වෙත රුපියල් මිලියන 13,469.85ක් සහ වැඩිහිටි දීමනාව ලෙස ප්‍රතිලාභීන් 686,623ක් අතරේ රුපියල් මිලියන 3433.11ක් බෙදාදීමට නියමිත බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
අස්වැසුම පළමු අදියර සහ දෙවැනි අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව අද දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව අස්වැසුම පළමු අදියරට අදාළව රුපියල් 11,234,713,750ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,584ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතව තිබේ.
අස්වැසුම පළමු අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 3,092,200,000ක මුදලක් ප්‍රතිලාභීන් 618,440ක් අතරේ බෙදාහැරීමට නියමිතව ඇත.
අස්වැසුම දෙවැනි අදියරට අදාළ ජනවාරි මස දීමනාව ලෙස රුපියල් 2,235,137,500ක මුදලක් ප්‍රතිලාභී පවුල් 248,454ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතයි.
අස්වැසුම දෙවැනි අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 340,915,000ක මුදලක් ප්‍රතිලාභීන් 68,183ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ගිණුමට බැරකිරීමට නියමිත බව ද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

