ඉරාන හමුදාව සීරුවෙන්
අරාබි මුහුදට යාත්‍රා කළ අමෙරිකානු යුද නෞකා ඉරානය ආසන්න මුහුදු සීමාවේ නැංගූරම් ලෑම තරයේම හෙළා දකින බවත්, ඕනෑම ප්‍රහාරයකට සූදානම් බවත් ඉරාන රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයේ ඉස්ලාමීය සන්නද්ධ හමුදාව සිය භූමිය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට එරට ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි සඳහන් කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අමෙරිකානු හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු තානාපති කාර්යාල ඉරාන හමුදාවේ ඉලක්ක බවට පත්වනු ඇතැයි ද එරට ආරක්ෂක ප්‍රධානියා අනතුරු අඟවා තිබෙනවා.
සිය හමුදාව ත්‍රස්තවාදි කණ්ඩායමක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය පියවර ගැනීමට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමයේ සන්නද්ධ හමුදාව ද ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ලේබල්ගත කළ බව එරට පාර්ලිමේන්තුව සඳහන් කර ඇති අතර, ඉරානයේ පිහිටි යුරෝපා රටවල තානාපති කාර්යාල ආරක්ෂාවට යොදා ඇති යුරෝපා සංගමයේ ආරක්ෂකයන් වහාම රටින් පිටුවහල් කළ යුතු බව කථානායක මොහොමඩ් බාගර් ප්‍රකාශ කර තිබේ.
මේ බව කඩිනමින් සියලු යුරෝපා තානාපති කාර්යාලවලට දැනුම් දෙන ලෙසත් කථානායකවරයා විදේශ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

