free web stats

බැසිල් නිල් නිවේදනය බාරගනියි

මෙරට විභාග වන නඩු කිහි­ප­ය­කට අවශ්‍ය කරන සැක­ක­රු­වකු වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අධි­ක­රණ කට­යු­තු­ව­ලට මෙර­ටට ගෙන්වා ගැනී­මට අවශ්‍ය මූලික පිය­වර තබ­මින් ඔහුට එරෙ­හිව ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් නිල් නිවේ­ද­න­යක් (Blue Notice) නිකුත් කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබෙනවා.

සංචා­රක ප්‍රව­ර්ධන කට­යුතු සඳහා ශ්‍රී ලංකා සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාං­ශය විසින් වෙන් කර තිබුණු රුපි­යල් මිලි­යන 7.8ක මුද­ලක් 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැති­ව­රණ සම­යේදී එවක සිටි ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ රුව සහ දේශ­පා­ලන පක්ෂ­යක නම සහි­තව මැති­ව­රණ ප්‍රචා­රක ටී-ෂර්ට් 12,000ක් මුද්‍ර­ණය කිරී­මට නීති­වි­රෝධි ලෙස යොදා ගැනීම සම්බ­න්ධ­යෙන් පවරා ඇති නඩු­වක බැසිල් රාජ­පක්ෂ මහතා චුදි­ත­යෙකි. රජයේ මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් වූ එම නඩු කට­යු­ත්තට අදා­ළව දිගින් දිග­ටම අධි­ක­ර­ණය මඟ­හැර සිටීම හේතු­වෙන් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝ­ග­යක්ද නිකුත් කර ඇත.

මෙම නඩු කට­යු­ත්තට අදා­ළව බැසිල් රාජ­පක්ෂ මහතා සම්බ­න්ධ­යෙන් ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් මෙම නිල් නිවේ­ද­නය ලබා­ගෙන ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරනවා.

ශ්‍රී ලංකාව තුළ විභාග වන නඩු­ව­ලට අදා­ළව අවශ්‍ය කරන පුද්ග­ල­යන් සොයා­ගැ­නීම සහ මෙර­ටට ගෙන්වා ගැනීමේ ප්‍රය­ත්න­යන් තීව්‍ර කර­මින්, අප­රාධ විම­ර්ශන දෙපා­ර්ත­මේ­න්තුව කළ ඉල්ලී­ම­කට අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජ­ප­ක්ෂට එරෙ­හිව අන්ත­ර්ජා­තික පොලී­සිය නිල් නිවේ­ද­න­යක් නිකුත් කර ඇති බව මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල මහ­තාද පව­සනවා.

ශ්‍රී ලංකාවේ නීති­මය ක්‍රියා­මා­ර්ග­ව­ලට මුහුණ නොදී විදේ­ශ­යන්හි රැඳී සිටින හිටපු දේශ­පා­ල­න­ඥ­යන් සහ අනෙ­කුත් සැක­ක­රු­වන් නීතිය හමු­වට පැමි­ණ­වී­මට රජය අන්ත­ර්ජා­තික නීති බලා­ත්මක කිරීමේ යන්ත්‍ර­ණ­යන් භාවිත කර­මින් සිටින බවද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කර තිබෙනවා.

බැසිල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව අයථා ලෙස උපයා ගත් මුද­ල්ව­ලින් මාතර බ්‍රවුන්ස් හිල්හි පිහිටි අක්කර 1.5ක පොල් ඉඩ­මක් රුපි­යල් මිලි­යන 60කට මිල දී ගැනී­මට අදාළ නඩු­වක්ද මුදල් විශු­ද්ධි­ක­රණ පනත යටතේ විභාග වේ. එම නඩු­ව­ටද දිගින් දිග­ටම පෙනී නොසි­ටීම හේතු­වෙන් බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස මාතර අධි­ක­ර­ණය විසින්ද වරෙන්තු නිකුත් කර තිබේ.

නඩු කට­යු­තු­ව­ලදී ඔහුගේ නීති­ඥ­යන් අධි­ක­ර­ණය හමුවේ ප්‍රකාශ කරනු ලබන්නේ විදේ­ශ­ග­තව ප්‍රති­කාර ලබන බැසිල් රාජ­පක්ෂ මහතා පව­තින රෝගී තත්ත්වය මත ගුවන් ගමන් සඳහා නුසු­දුසු මට්ට­මක සිටින බවයි.

ඒ සම්බ­න්ධ­යෙන් වෛද්‍ය වාර්තාද අධි­ක­ර­ණ­යට නීති­ඥ­වරු ඉදි­රි­පත් කර ඇත.

අමෙ­රි­කාවේ පදිං­චිව සිටින බව කියන බැසිල් රාජ­පක්ෂ මහතා නිශ්චි­ත­වම අමෙ­රි­කාවේ රැඳී සිටින ලිපි­නය අනා­ව­ර­ණය කර ගනි­මින් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට අධි­ක­රණ දැනු­ම්දීම සිදු කිරී­මට නිල් නිවේ­ද­නය මුලින්ම නිකුත් කරන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවසූවා.

නිල් නිවේ­ද­නය නිකුත් කරනු ලබන්නේ අන­න්‍ය­තාව, ඔහු සිටින ස්ථානය (Location) හෝ ඔහුගේ ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ අම­තර තොර­තුරු රැස් කිරීම සඳහා බවද එම නිල­ධා­රියා පැවසූවා.

නිල් නිවේ­ද­නය මඟින් ලබා­ගන්නා තොර­තු­රු­ව­ලට අනුව ඔහුට අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටීමේ නියෝ­ගය අමෙ­රි­කා­වට යොමු කරන බව එම නිල­ධා­රියා පැවසූවා.
ඒ අනු­වද ඔහු තව­දු­ර­ටත් අධි­ක­ර­ණය මඟ­හැර සිටී­නම් ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් රතු නිවේ­ද­න­යක් ලබා­ගැ­නී­මට කට­යුතු කරන බවද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *