free web stats

ඉදි­රි­යේදී විදුලි අර්බු­ද­ය­කට මුහුණ දීමේ අව­දා­න­මක්

නොරො­ච්චෝල (ලක්වි­ජය) බලා­ගා­ර­යට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනී­මේදී සිදුව ඇති මහා පරි­මාණ දූෂණ ක්‍රියා­ව­ලි­යක් හේතු­වෙන් ඉදිරි මාස කිහි­පයේ දරුණු විදුලි අර්බු­ද­ය­කට මුහුණ දීමේ අව­දා­න­මක් පව­තින බව ජාතින නිද­හස් පෙර­මුණේ නායක, හිටපු ඇමැති විමල් වීර­වංශ මහතා පව­සනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමින්.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස පැවසූවා,

“රජය විසින් සිදු කරන ලද ටෙන්ඩර් පටි­පාටි උල්ලං­ඝ­නය කිරීම් සහ ප්‍රමි­ති­යෙන් තොර ගල් අඟුරු ආන­ය­නය හේතු­වෙන් සිදුව ඇති රුපි­යල් කෝටි 31,000කට අධික පාඩුව විදුලි ගාස්තු වැඩි කිරීම හරහා පාරි­භෝ­ගි­කයා මත පැට­වීමේ සූදා­න­මක් පව­ති­නවා.

සාමා­න්‍ය­යෙන් අප්‍රේල් මාස­යේදී කැඳ­විය යුතු ගල් අඟුරු ටෙන්ඩ­රය කිසි­යම් පාර්ශ්ව­යක වුව­ම­නාව මත 2025 අගෝස්තු සිට සැප්තැ­ම්බර් දක්වා හිතා­ම­තාම ප්‍රමාද කළා. එසේම ටෙන්ඩර් පිරි­වි­ත­ර­යන් සංශෝ­ධ­නය කර­මින් මීට පෙර පැවති මිලි­ය­න­යක අවම ගල් අඟුරු සැප­යුම් පළ­පු­රුද්ද ලක්ෂය දක්වා අඩු කර ඇත්තේ දූෂිත ඉති­හා­ස­යක් සහිත ඉන්දි­යානු සමා­ග­ම­කට මේ ටෙන්ඩ­රය දීමේ අර­මු­ණින්. මීට පෙර දූෂ­ණ­යට අත­වැ­නී­මක් ලෙස හැඳින්වූ හදිසි මිලදී ගැනීම් (Spot Tenders) සඳ­හාම කැබි­නට් මණ්ඩ­ලය මේ වන විට අනු­මැ­තිය දී තිබෙ­නවා.

අදාළ විදේ­ශීය සමා­ගම විසින් මේ දක්වා මෙර­ටට ගල් අඟුරු නැව් තුනක් ගෙන්වා තිබෙ­නවා. එම නැව් තුනෙ­හිම අඩංගු වන්නේ ප්‍රමි­ති­යෙන් තොර බාල ගල් අඟුරු බව තහ­වුරු වී තිබෙ­නවා. ගිවි­සුම් ප්‍රකා­රව නැව් දෙකක් ප්‍රමි­ති­යෙන් බාල වුව­හොත් එම ටෙන්ඩ­රය අව­ලංගු කළ යුතුයි. නමුත් රජය තව­දු­ර­ටත් එම සමා­ග­මට ඉඩ දී තිබෙ­නවා. බලා­ගා­රයේ ක්‍රියා­කා­රී­ත්වය සඳහා නැව් 38ක් අවශ්‍ය වුවත් වාර­කන් කාලය ආරම්භ වීමට පෙර ගොඩබා ඇත්තේ නැව් 3ක් පම­ණයි. ඉතිරි නැව් 35 නිය­මිත කාල­යට ගෙන්වා ගැනී­මට නොහැකි වුව­හොත් නොරො­ච්චෝල බලා­ගා­රය අක්‍රිය වීමේ අව­දා­න­මක් පව­ති­නවා. එවැනි තත්ව­ය­කදී අධික පිරි­වැ­යක් දරා ඩීසල් බලා­ගා­ර­ව­ලින් විදු­ලිය උත්පා­ද­නය කිරී­මට රජ­යට සිදු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *