free web stats

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49 දෙනෙකුට ජනාධිපති සමාව

78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, කොන්දේසි කිහිපයකට යටත්ව ඒ සඳහා සිරකරුවන් තෝරා ගෙන ඇති බවයි.

මේ අතර සිරකරුවන්ට අමුත්තන් හමුවීම සඳහා අද දිනයේ විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ පිටතින් ආහාර පාන රැගෙන ඒමටද අමුත්තන්ට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *