රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක්
රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ බලශක්ති පද්ධති ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රියේ දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
දැඩි ශීතල කාලගුණයක් පවතින මොහොතක එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් කිව් සහ කාර්කිව් වැනි ප්‍රධාන නගරවල දහස් සංඛ්‍යාත නිවාසවල උණුසුම් කිරීමේ පද්ධති අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු මැදිහත්වීමෙන් ඇති කරගත් තාවකාලික සටන් විරාමය බිඳ දමමින් රුසියාව මෙම ප්‍රහාර දියත් කර ඇති බව මෙහි සඳහන් වේ.
මෙම තත්ත්වය හමුවේ සාම සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු අවම වී ඇති අතර, සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.
මෙය රුසියාව විසින් යුක්රේන වැසියන්ගේ ජීවනෝපාය අඩාල කිරීමට ගත් උත්සාහයක් ලෙස යුක්‍රේන බලධාරීන් හඳුන්වා දී ඇත.

