ජාතිවාදය අවුස්සන එක නතර කරන්න
ජාතිවාදය අවුස්සන්නේ නැහැ කියමින් ජාතිවාදය අවුස්සන එක නතර කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසූවා.
මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසූවේ,
අපි දෙමළ ජනතාවත් එක්ක යුද්ධ කළේ නැහැ. අපි සටන් කළේ ත්රස්තවාදීන් එක්ක. ඔබේ දේශපාලන න්යායපත්රය තුළ ආරක්ෂක අංශ ගැන ප්රශ්නයක් තිබෙනවා තමයි. ඒත් ආණ්ඩුවක් විදිහට එය සැමරිය යුතුයි. මහා සංඝරත්නය හිර ගෙවල්වල දාලා කරගෙන යන සම්බුද්ධ ශාසනයේ විනාශය ගැන අපි කනගාටු වෙනවා. ජාතිවාදය අවුස්සන්නේ නැහැ කියා කියා ආණ්ඩුව ජාතිවාදය අවුස්සනවා. ඩයස්පෝරාව දිනා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වෙන්නේ නැහැ. ණයට ගත්ත ආරක්ෂක උපකරණ නිදහස් දිනය දා ගෙනියන්නේ නැහැ කියලා කීවා. එතකොට කැබ් ණයට අරගෙන පදින්න හොඳයි. මේක පුදුම ආණ්ඩුවක්. ආගමික නායකයන් විවේචනය කරන එක නවත්තන්න කියලා අපි කියනවා.

