කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට සහ ගුරු උපදේශකයෙකුට වෙච්ච දේ
දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු සේවය අතහැර යාම හේතුවෙන් ඔහු නැවත සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දෙහිඅත්තකණ්ඩිය කළාපන අධ්‍යාපන කාර්යාලයට කර තිබූ අනුයුක්තය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් ඉල්ලා තිබෙනවා.
එහිදී එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් දෙපළ ඊයේ පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

