free web stats

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම – Update

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණා.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) මෙම නියෝගය ලබා දුන්නා.

2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත්කෙරුවා.

මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ ඝාත­නයේ තීන්දුව අද

අර­ග­ලය පැවති 2022 වසරේ මැයි 9 දා නිට්ට­ඹුව නග­ර­යේදී පොලො­න්න­රුව දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ මහ­තාට සහ ඔහුගේ ආර­ක්ෂක නිල­ධා­රි­යාට පහර දී ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් 41 දෙන­කුට එරෙ­හිව ගම්පහ මහා­ධි­ක­ර­ණයේ දී ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව අද (11) දින ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තයි.

සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංග­ප්පුලි හා රසන්ත ගොඩ­වෙල යන ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල හමුවේ දී මෙම නඩුව විභාග කෙරුණු අතර එහි තීන්දුව පසු­ගිය ජන­වාරි මත 14 වැනි දින සිදු­කි­රී­මට නිය­මි­තව තිබු­ණත් එය අද (11) දක්වා ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල විසින් කල් තබනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *