free web stats

කෙහෙ­ළි­යගේ ඥාති­යා­ගෙන් පැයක රහස් ප්‍රකා­ශ­යක් අධි­ක­ර­ණ­යට

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා විසින් නීති­වි­රෝ­ධිව උපයා ගත් රුපි­යල් කෝටි 74ක මුද­ලින් රුපි­යල් ලක්ෂ 300ක් සන්ත­කයේ තබා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි ව්‍යාපා­රි­ක­යකු වන නිමල් සිසිර කුමාර මහතා කොළඹ මහේ­ස්ත්‍රාත් අසංක එස්. බෝද­ර­ගම මහතා හමුවේ ඊයේ (10) දින පැයක පමණ කාල­යක් රහස් ප්‍රකා­ශ­යක් ලබා දී තිබෙනවා.

ව්‍යාපා­රි­කයා රහස් ප්‍රකා­ශ­යක් ලබා­දී­මට සූදා­නම් බව දැනුම් දුන් අව­ස්ථාවේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා අදාළ රහස් ප්‍රකා­ශය හොඳින් සිතා බලා ස්වේච්ඡා­වෙන් කළ යුතු බව සැක­ක­රුට දැනුම් දී ඇත.

හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල විසින් නීති­වි­රෝධි ලෙස උපයා ගත් රුපි­යල් හැත්තෑ හතර කෝටි­යක මුද­ලක් විශු­ද්ධි­ක­ර­ණය කිරීමේ ක්‍රියා­ව­ලි­යට ආධාර සහ අනු­බල දුන් බවට සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් හිටපු ඇමැ­ති­ව­ර­යාගේ ඥාති­යකු වන බණ්ඩාර රඹු­ක්වැල්ල සහ මේ ව්‍යාපා­රි­කයා ඇප මත මුදා හරින ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඊයේ (10) නියෝග කළා.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කරනු ලැබුවේ සැක­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලී­මෙන් අන­තු­රු­වයි.

ඉන් අන­තු­රුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­ක­රු­වන් දෙදෙනා වෙන් වෙන්ව ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැ­රී­මට නියම කළේය. සැක­ක­රු­වන්ගේ විදෙස් ගමන් තහ­නම් කර­මින් විදෙස් ගමන් බල­පත්‍ර අධි­ක­ර­ණ­යට භාර දෙන ලෙසත් එකී නියෝ­ගය ආග­මන විග­මන පාල­ක­ව­රයා වෙත දන්වා යවන ලෙස­ටත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළා.

හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල විසින් නීති­වි­රෝධි ලෙස උපයා ගත් රුපි­යල් හැත්තෑ හතර කෝටි­යක (කෝටි 74.8) මුද­ලක් විශු­ද්ධි­ක­ර­ණය කිරීමේ ක්‍රියා­ව­ලි­යට සහාය වී ඇති බවට චෝදනා කර­මින් සැක­ක­රු­වන් පසු­ගි­යදා අල්ලස් කොමි­සමේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබුණා.

2011 අංක 40 දරන මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ වැරදි සිදු­කි­රීම සහ ඊට ආධාර අනු­බල දීම යන චෝදනා අල්ලස් කොමි­සම විසින් සැක­ක­රු­වන්ට එරෙ­හිව ගොනු කර ඇති අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ප්‍රග­තිය ඇතු­ළත් වැඩි­දුර වාර්තා­වක් ද ඊයේ ඉදි­රි­පත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *