free web stats

රාජ්‍ය සේවයකයාට තෘප්තිමත් ජීවිතයක් ලබා දෙනවා

රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදු කරමින් පවතින බවත් එම ගැටලු විසදීමට කෙටි කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.

2027 වසරේ දී තෙවන වැටුප් වර්ධකය සිදු කිරීමට නියමිත බැවින් ඉන් පසුව රාජ්‍ය සේවයේ අනෙකුත් දීමනා ද ලබාදීම සම්බන්ධයෙන් සැලකිල්ලට ලක් කරන බව ජනාධිපතිවරයා පවසනවා.

“රටම එකට” ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අමතමින් ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කළා.

එහිදී ඔහු පැවසුවේ රාජ්‍ය සේවයකයා සඳහා තෘප්තිමත් ජීවිතයක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම දිට්වා ව්‍යවසනය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ දිට්වා ව්‍යවසනය හමුවේ රටට සිදු වූ හානියෙන් මිදීම සඳහා රුපියල් කෝටි 50,000ක මුදලක් මහ භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බවයි.

ඒ සඳහා කිසිදු මුදලක් ණයට නොගත් බවත් කිසිදු මුදල් මුද්‍රණයක් සිදුනොකළ බවත් ජනාධිපතිවරයා පවසයි.

එහිදී ඔහු පැවසුවේ ඒ වන විට මහ භාණ්ඩාගාරයේ ගිණුමේ රුපියල් කෝටි 120,000ක් තිබූ බවත් එබැවින් මෙම රුපියල් කෝටි 50,000ක මුදල වෙන් කිරීමට කටයුතු කළ බවයි.

දිට්වා ව්‍යවසනය හමුවේ රටට සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක පමණ වන බවට ලෝක බැංකුව විසින් ගණනය කර ඇති බවත් එය මෙරට දල ජාතික නිෂ්පාදනයෙන් 4%ක පමණ ප්‍රමාණයක් බවත් ජනාධිපතිවරයා පවසනවා.

කෙසේ වෙතත් රජය ගෙන ගිය ශත්කිමත් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවීමට තිබූ විශාල හානියෙන් මිදීමට හැකි වූ බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *