ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද
විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද පෙරවරු 11ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඕමානය සමඟ පැවැත්ව්මට නියමිතයි.
ශ්‍රී ලංකාව පළමු තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් එම ජවය සමගින් මේ තරගයට සහභාගී වන අතර ඕමානය තම පළමු තරගයේදී සිම්බාබ්වේ හමුවේ කඩුලු 8ක දරුණු පරාජයක් අත්විඳීමෙන් පසු අද තරගයට ක්‍රිඩා කරනු ලබනවා.
ශ්‍රී ලංකා පිල මේ තරගය ජය ගැනිම තුළින් සුපිරි අට වටයට පහසුවෙන් ලගාව්ය හැකි බව ක්‍රිඩා ව්චාරකයින් පවසනවා.

