free web stats

විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ලැප්ටොප් 100ක්

විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන Hashim Omar Foundation හි සමාජ සේවා ව්‍යාපෘතියේ 20 වන අදියර පසුගිය සෙනසුරාදා “14” දින කොළඹ පිහිටි හෂීම් ඕමර් පවුන්ඩේෂන් කාර්යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

මෙම අවස්ථාවේදී 100 වැනි ලැප්ටොප් පරිගණකය ප්‍රදානය කිරීම සිදුව්ය.

අධ්‍යාපන ප්‍රගතිය සහ ඩිජිටල්කරණය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙන මෙම සමාජ සත්කාර වැඩසටහන ආර්ථිකව අඩු පහසුකම් සහිත සිසුන්ට සෘජු සහයෝගයක් ලබාදීම ප්‍රධාන අරමුණු වේ.

2024 ජුනි මස 07 වන දින ආරම්භ කරන ලද මෙම සමාජ සේවා ව්‍යාපෘතිය අදියර 20ක් ලෙස සැලසුම් කර අද වන විට ලැප්ටොප් 100ක් ලබාදී සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

සෑම අදියරකදීම කලාකරුවන්, ජ්‍යෙෂ්ඨ විද්‍යුත්–මුද්‍රිත විකාශකයින්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් සහ අධ්‍යාපනික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි විශිෂ්ට පුද්ගලයින් සහභාගී කර ගන්නා මෙම වැඩසටහන සදහා, මෙවර ප්‍රධාන ආරාධිතයා ලෙස ජ්‍යෙෂ්ඨ විකාශක උමර් ලෙබ්බේ යාකූබ් මහතා සහ විශේෂ ආරාධිතයා ලෙස ප්‍රසිද්ධ සංගීත නිර්මාපක සුරුති ප්‍රභා මහත්මයා ද සහභාගී ව්ය.

එහිදී අදහස් දැක්වූ ප්‍රධාන ආරාධිතයින් වැඩි­දු­ර­ටත් පැවසූවේ
“සමාජ සේවාවේ නොමැකෙන සලකුණු තැබූ මර්හූම් දොස්තර පදියුදීන් මහමුද් සහ එම්.එච්.එම්. අෂ්රෆ් යන මහත්මයන්ගේ උරුමයට සමීපව පරමාර්ථවාදී හෂීම් ඕමර් මහතා දැකිය යුතු බවයි

“සිව් බිත්ති ඇතුළත මෙවැනි විශාල සමාජ සේවා ව්‍යාපෘතියක් නිහතමානීව පවත්වාගෙන යාම ඔවුන්ගේ ශක්තිමත් චරිතය සහ සරලභාවය පෙන්නුම් කරයි. මෙවැනි වැඩසටහනක් විශාල ප්‍රසංග ශාලාවක පවත්වා, සමාජමය ඇගයීමක් ලබාදිය යුතු ලෙසත්. ලැප්ටොප් 100ක් සඳහා රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් වැය කර මෙවැනි සේවාවන් අඛණ්ඩව කරන පුද්ගලයින් ඉතා දුර්ලභ බවත්ය”යනුවෙනි.

20 වන අදියර යටතේ පිරිනමන ලද මෙම ලැප්ටොප් 100, සිසුන්ගේ අධ්‍යාපන ගමනේ තාක්ෂණික හිඩැස අඩු කිරීමේ අරමුණින් ලබාදෙන ලද බව සංවිධායකයින් සඳහන් කළා.

අධ්‍යාපනය, සමාජ ප්‍රගතිය සහ තරුණයන්ගේ කුසලතා වර්ධනය යන ක්ෂේත්‍රවල Hashim Omar Foundation අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද පැවසූවා.


මෙම උත්සවයට සංගීත නිර්මාපක සුරුති ප්‍රභා, ආයතන අධ්‍යක්ෂිකා මරියම් හෂීම් ඕමර්, මැයිමන් කවි, தமிழன் පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරක මොහමඩ් ජව්ෆර්, ලේඛක රාජා මෙත්තා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය විමර්ශන නිලධාරිනී ජිෆ්රියා ඉබ්‍රාහිම්, ස්වාධීන රූපවාහිනී ආයතනයේ දෙමළ ප්‍රවෘත්ති කළමනාකරු සිද්ධීක් හනීෆා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදිනී අප්සරා ජයවර්ධන, දකුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරී අමීර්, මාධ්‍යවේදිනී චන්ද්‍රිකා නිරෝෂන්, සංවිධායක අර්කම් සුලයිමාන්, ෂාම් බූස්ටර් ආයතන අධ්‍යක්ෂිකා ෆස්නා, රිකාස් ට්‍රේඩර් ආයතන හිමිකරු රිකාසි මසාහීර්, , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය විමර්ශන නිලධාරිනී චන්දිමා දිල්රුක්ෂි විතානගේ ඇතුළු විශාල පිරිසක් සහභාගී ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *