free web stats

අද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොළට

ගෑස් සිලින්ඩර 50,000ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ, ගෑස් සිලින්ඩර 80,000ක් ඊයේ(20) දිනයේ වෙළෙඳපොළට නිකුත් කළ බවයි.

සඳුදා සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇතැයිද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළා.

අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ, හෙට(22) දිනයේ ගෑස් මේට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර ලබන 26 වැනිදා තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900 ක්ද 28වනදා මෙට්‍රික් ටොන් ටොන් 370‍0ක්ද ගෑස් රැගෙන නෞකා මෙරටට පැමිණීමට නියමිත බවයි.

කහ පාට ගෑස් සිලින්ඩරය මිලදී ගැනීම වෙනුවෙන් පාරිභෝගිකයා යම් මුදලක් ගෙවා ආරක්ෂණ තැන්පතුවක් සිදු කර ඇති බැවින් එම ජනතාවට ගෑස් සැපයීම, අදාළ සමාගමේ වගකීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

අමාත්‍යවරයා පැවසුවේ, අර්බුද නිර්මාණය කර පරිභෝගිකයා පීඩාවට පත් කර, ව්‍යාපාරික වශයෙන් කූට වාසි ලබා ගැනීමට ගන්නා උත්සාහයන් වැළැක්වීමට රජය පියවර ගන්නා බවයි.

ඒ අනුව හිඟව පවතින කහ පාට ගෑස් සිලින්ඩර භාවිත කරන පාරිභෝගිකයන්ට කහ පාට සිලින්ඩරවලට නිල් පාට ගෑස් සිලින්ඩර මාරු කළ නොහැකි බැවින්, ඔවුන් වෙනුවෙන් ලිට්රෝ සමාගම ලබන මස 12 වැනිදා සිට ඔවුන්ටද ලිට්රෝ ගෑස් ලබා ගැනීමට හැකි වන පරිදි නිල් පාට සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම්කර ඇතැයිද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *