free web stats

දකුණු අප්‍රිකාව ඉන්දියාව පරදා සුපිරි 8 වටයට

ඉන්දියාව පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ඊයේ (22) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 76ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.

අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 188ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුනු 111ක් පමණි.

මෙම පරාජයත් සමග 2024 ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා විස්සයි20 ලෝක කුසලාන තරග 12ක් ජයගෙන වෙනත් කිසිදු කණ්ඩායමක් පිහිටුවා නොතිබූ වාර්තාවකට හිමිකම් කියා සිටි ඉන්දියාව එම අපරාජිත ගමනද නැවතුණි.

අවසන්වරට 2022 විස්සයි20 ලෝක කුසලානයේ ඇඩිලේඩ් හි එංගලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයෙන් පසු විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ලැබූ පළමු පරාජය මෙය වේ.

එමෙන්ම 2023 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ ලැබූ පරාජයෙන් පසු ICC ඉසව්වල තරග 18කට පසු ඉන්දියාව ලැබූ පළමු පරාජය මෙය වන අතර, එයද මෙම ක්‍රීඩාංගණයේදී වීම සුවිශේෂීවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *