අද ලංවිම සංකේත වැඩ වර්ජනයක
ඉල්ලීම් අටක් මුල් කරගනිමින් අද (26) දින පැය 06ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වාත් ඊට විසදුම් ලැබී නොමැති බව එම වෘත්තීය සමිති සඳහන් කළා.
ඒ අනුව අද මධ්‍යහන 12.00 සිට පස්වරු 6.00 දක්වා දිවයින පුරා සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පින්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසූවා.

