free web stats

ළාබා­ල­තම අග­මැති නෙදර්ලන්තයෙන් පත්වෙයි

නෙද­ර්ලන්ත ඉති­හා­සයේ ළාබා­ල­තම අග­මැ­ති­ව­රයා ලෙස 38 හැවි­රිදි රොබ් ජෙට්න් දිවු­රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ නාය­ක­ත්ව­යෙන් යුතු ඩිමො­ක්‍ර­ටික් 66 පක්ෂය පසු­ගිය ඔක්තෝ­බ­රයේ පැවති මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය අත්කර ගැනී­මෙන් පසු තවත් පක්ෂ කිහි­ප­යක් සමඟ එක්වී සුළු­තර රජ­යක් පිහි­ටුවා ගත් අතර, පෙරේදා නව රජය පත්වී­මෙන් පසු රොබ් ජෙට්න් විලේම් ඇලෙ­ක්සැ­න්ඩර් රජු ඉදි­රියේ අග­මැති ධුරයේ දිවු­රු­ම්දීම සිදුවූ බව ද වාර්තා වෙනවා.

සම­ලිං­ගික පුද්ග­ල­යකු ලෙස ප්‍රකට රොබ් ජෙට්න් එරට සම­ලිං­ගික අග­මැ­ති­ව­රයා ලෙස ද ඉති­හා­ස­යට එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

පසු­ගිය වසරේ අග­භා­ගයේ පැවති නෙද­ර්ලන්ත මැති­ව­ර­ණ­යේදී ඉස්ලාම් විරෝධී ගීට් වයි­ල්ඩර්ස් පක්ෂ­යට එරෙ­හිව සියුම් ජය­ග්‍ර­හ­ණ­යක් ලැබූ ඩිමො­ක්‍ර­ටික් 66 පක්ෂය සුළු­තර රජ­යක් පිහි­ටුවා ගත් බැවින් රජයේ සියලු කෙටු­ම්පත් සහ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සඳහා එරට පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී මණ්ඩල ද්විත්ව­යේම අනු­මැ­තිය ගත යුතු බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *