free web stats

වැටලීමට නොයා කාන්තාවක් සමඟ රූම් ගිය පොලිස් සැරයන්

වැටලීම් රාජකාරී සඳහා යන බවට පොලිස් පොතේ සටහන් යොදා, කාන්තාවක් සමඟ ලැගුම්හලක රැඳී සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කළුතර පොලිස් අධිකාරී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිපැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.

වාර්තා වන අන්දමට, අදාළ සැරයන්වරයා ස්ථානාධිපතිවරයාගේ නියෝග මත තවත් නිලධාරීන් තිදෙනෙකු සමඟ වැටලීම් සඳහා පිටව ගොස් ඇති අතර, පසුව ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මොහු අගලවත්ත පාරේ ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක් සමඟ සිටියදී හසු වී ඇත.

රාජකාරිය පැහැර හැරීම සහ සිදු කළ විෂමාචාර ක්‍රියාව පදනම් කරගනිමින් මොහුට එරෙහිව මෙම විනය පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *