free web stats

‘හිමිකම’ ප්‍රතිලාභී සියලු දෙනා හට ජනපති ගෙන් සුබපැතුම්

ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට අවසරපත්‍ර සහ දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) පස්වරුවේ අනුරාධපුර කොරකහවැව උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ඉඩම් ප්‍රතිලාභී සියලු දෙනා වෙත සුබපැතුම් පිරිනමමින් ඔවුන්ට හිමි වන ඉඩම් ආරක්ෂා කර තමන්ගෙන් පසු තම දරුවන්ට උරුම කර දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඉඩම් ප්‍රතිලාභී සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියා.

එසේම, රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවටත්, පුරවැසියාගේ ආරක්ෂාවටත් ඉතා වැදගත් බවත්, මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස ආහාර සුරක්ෂිතතාව සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කරන අතරම, විධිමත් අධ්‍යයනයකින් පසු යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි නිදහස් කිරීමටද සැලසුම් කර තිබෙන බව සඳහන් කරමින්, රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යන ගමනේදී වත්මන් තාක්ෂණික සහ විද්‍යාත්මක දියුණුව විසින් නිර්මාණය කරනු ලැබ තිබෙන ආර්ථිකයන් රටට කැඳවා ගැනීම රජයේ අරමුණ බවද එහිදී ජනාධිපතිවරයා පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *