විදුහල්පතිවරුන් ස්ථානගත කිරීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක්
අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සම්පාදන ක්‍රියාවලියේදී, පාසල්වලට විදුහල්පතිවරුන් ස්ථානගත කිරීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඊයේ [26] විදුහල්පති සේවා සංගමයේ සාමාජිකයින් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
විදුහල්පතිවරුන්ගේ උසස් වීම සම්බන්ධයෙන් වන ගැටලු විසඳීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ ද, වැටුප් විෂමතා සම්බන්ධ ගැටලු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟද සාකච්ඡා කරමින් සිදු කරන බව මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් මෙහිදී අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට තෘප්තිමත් සේවා පරිසරයක් ඇති කිරීම තුළින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සිදුවන පරිවර්තනය වඩාත් සංවිධානාත්මක ලෙස සිදු කිරීමට හැකි වන බවත්, විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු අනුව, පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ස්ථානගත කිරීමේ ක්‍රියාපටිපාටියාක් සම්පාදනය කිරීම තුළින් එම අපේක්ෂිත අරමුණ සඳහා ඉඩ සැලසෙන බවයි .
මේ අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී ව්ය.

