කඩුවෙලදී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කඩුවෙල ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදනය කළ රිවෝල්වර් අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 47ක් වන කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
කඩුවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

