free web stats

මාර්ගයේ වෙට්ටු දැමු තරණයා මාට්ටු

තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට බාධාවන අයුරින් අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කල වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූවා.

මෙම වීඩියෝවට අදාලව සිදුකල විමර්ශනයේදී එම යතුරුපැදිය ආණමඩුව නවගත්තේගම මාර්ගයේ ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවට පොලිසියට අනාවරණය වී තිබෙනවා.

2026.03.08 දින සවස් කාලයේ නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම යතුරුපැදිය ධාවනය කල පැදිකරු අපරීක්ෂාකාරි ලෙස හා අන්තරාදායක ලෙස යතුරුපැදිය ධාවනය කර මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට හා යතුරුපැදිකරුවන්ට අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම යන චෝදනා යටතේ අදාල යතුරුපැදියද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 19 ක් වන නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

සැකකරු 2026.03.09 අද දින ආණමඩුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නවගත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *