free web stats

වැඩි කළ මහපොළ දීමනාව අද සිට බැංකු ගිණුම්වලට

2026, අයවැය යෝජනාව යටතේ ඉහළ දැමූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද (10) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජනවාරි මාසයට අදාළ රුපියල් 10,000 මෙලෙස බැර කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කරනවා.

රුපියල් 7,500ක්ව පැවති එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කෙරුණා.

මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා මහා භාණ්ඩාගාරය විසින් ඒකාබද්ධව පිරිවැය දරනු ලබනවා.

වත්මන් විධිවිධාන අනුව ශිෂ්‍යත්ව දීමානාවේ 48%ක් මහපොළ භාර අරමුදල විසින් ද සෙසු 52%ක් රජය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ද දරනු ලබයි.

තවද 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට 2026 වසරේ ජනවාරි දක්වා කාලය තුළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව දෙවරක් සංශෝධනය කර ඇත.

එමගින් රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා රුපියල් 2,500 බැගින් වැඩිවීම් දෙකක් මඟින්, වත්මන් රජය යටතේ ශිෂ්‍යත්ව දීමනාව දෙගුණ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *