free web stats

සැකකරුගේ බැංකු ගිණුමට විද්ද කොස්තාපල්

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතකින් රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසිනි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් අදාළ මුදලින් යතුරුපැදියක් හා සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන ඇති බවද පොලිසිය පැවසූවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *