free web stats

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­ය­මට බංග්ලා­දේශ තර­ගා­ව­ලි­යක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම ලබන මාසයේ බංග්ලා­දේ­ශයේ සංචා­ර­යක නිරත වන අතර එහිදී එක්දින තරග 3කට හා විස්සයි20 තරග තුන­කට මුහු­ණ­දී­මට නිය­මි­තයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම බංග්ලා­දේ­ශ­යේදී එක්දින සහ විස්සයි20 ද්විපා­ර්ශ්වික තර­ගා­ව­ලි­යක් ක්‍රීඩා කරන පළමු අව­ස්ථාව මෙය ලෙස ඉති­හා­ස­ගත වෙනවා.

තරග කාල­ස­ට­හ­නට අනුව, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම අප්‍රේල් 17 වැනි දින බංග්ලා­දේ­ශය බලා පිට­ත්වන අතර, ඔවුන් එදි­නම ඩකා සිට කිලෝ­මී­ටර් 252ක් දුරින් පිහිටි රාජ්ෂාහි බලා පිටත්වේ. අප්‍රේල් 18 සහ 19 යන දින­වල පුහු­ණු­වී­ම්ව­ලින් පසු, අප්‍රේල් 20 වැනි දින රාජ්ෂාහි ප්‍රාදේ­ශීය ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව පළමු එක්දින තර­ග­යට ක්‍රීඩා කරනු ඇත.

තර­ගා­ව­ලියේ ඉතිරි තරග දෙක අප්‍රේල් 22 සහ 25 යන දින­වල එම ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පෙර­වරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

නැගී එන කණ්ඩා­යම් සහ­භා­ගිවූ තරග පවත්වා ඇති රාජ්ෂාහි ප්‍රාදේ­ශීය ක්‍රීඩාං­ග­ණයේ මේ දක්වා කිසිදු ජාත්‍ය­න්තර තර­ග­යක් පවත්වා නොමැති අතර, එම නග­රය තුළ ජාත්‍ය­න්තර ක්‍රිකට් තරග පවත්වා සංචා­රක කර්මා­න්ත­යට රුකු­ලක් දීම බංග්ලා­දේ­ශයේ අපේ­ක්ෂාව වී තිබෙනවා.

එක්දින තර­ගා­ව­ලි­යෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම අප්‍රේල් 26 වැනි දින රාජ්ෂාහි සිට කිලෝ­මී­ටර් 460ක් දුරින් පිහිටි සිල්හෙට් බලා පිට­ත්වන අතර, අප්‍රේල් 28 වැනිදා සිල්හෙට් ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව පළමු විස්සයි20 තර­ග­යට මුහුණ දෙනු ඇත. අප්‍රේල් 30 සහ මැයි 2 යන දින­වල පැවැ­ත්වෙන තර­ගා­ව­ලියේ ඉතිරි තරග දෙක එම සිල්හෙට් ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පැවැත්වෙනවා.

විස්සයි20 තර­ගා­ව­ලියේ සියලු තරග සවස 6ට ආරම්භ වන අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම මැයි 3වැනිදා ලංකාව බලා පිට­ත්වී­මට නිය­මි­තයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම අව­සන් වරට බංග්ලා­දේ­ශ­යේදී එක්දින තර­ග­යක් ක්‍රීඩා කළේ 2011 වසරේ කාන්තා ලෝක කුස­ලාන සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යේ­දීයි.
ඊට පෙර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම 2009 වසරේ කාන්තා තුන්කොන් තර­ගා­ව­ලි­යේදී බංග්ලා­දේ­ශ­යේදී එක්දින තර­ග­යක් ක්‍රීඩා කළා. බංග්ලා­දේ­ශය සහ පාකි­ස්තා­නය සම්බන්ධ වූ එම තුන්කොන් තර­ගා­ව­ලි­යේදී ශෂි­කලා සිරි­ව­ර්ධ­නගේ නාය­ක­ත්ව‍යෙන් පිටි­යට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *