free web stats

QR කේතයේ ගැටලු ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක්

ඉන්ධන කෝටාව නිකුත් කරන QR කේතය ලබා ගැනීමේ ගැටලු ඇති වූ පුද්ගලයින්ට සිය ගැටලු ඉදිරිපත් කිරිමට නව WhatsApp දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා 076 000 1919 යන WhatsApp අංකයට එම පැමිණිල්ල කළ හැක.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ වාහනයේ අංකය , ඒ සඳහා පැහැදිලිව සටහන් කර යොමු කර යුතු බවයි.

ඊට අමතරව ජාතික හැදුනුම්පත , රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායාරූපයක් එවිය යුතු බව සුමුදු රත්නායක ප්‍රකාශ කළා.

වාහන ආදායම් බලපත්‍රයේ ඡායාරූපයක් සහ ලියාපදිංචියේ සහතිකයේ ඡායාරූපයද අදාළ WhatsApp අංකයට එවිය යුතු වේ.

ඒ සඳහා තවත් වට්ස්ඇප් අංක කිහිපයක් අද දිනයේ හඳුන්වා දෙන බව සුමුදු රත්නායක ප්‍රකාශ කළා.

https://gic.gov.lk/complain-registration.html

මේ හරහා ඔබට නව WhatsApp අංකයක වෙත යොමු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *