free web stats

අපි ජන­ව­රම අනුව කට­යුතු කර තිබෙ­නවා

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට අයත් කාර්යාල සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම ස්ථාපිත කරන බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වට­ගල මහතා ප්‍රකාශ කළා.

“අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව මේ වන­විට ස්වාධී­නව කට­යුතු කර­නවා. අපි අපේ දේශ­පා­ලන ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ මේ සම්බ­න්ධ­යෙන් සඳ­හන් කර තිබෙ­නවා. ජන­තා­ව­ගෙන් කොල්ලකෑ ධනය නැවත අත්පත් කර­ගන්න අවශ්‍ය මඟ පෙන්වීම කර­මින් එම ආය­තන ස්වාධී­නව කට­යුතු කරන්න පරි­ස­රය සකසා දී තිබෙ­නවා. මේ පොරො­න්දු­වට අවශ්‍ය අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව සහ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව ස්වාධී­නව පව­ත්වා­ගෙන යායුතු වෙනවා. වත්මන් අල්ලස් පනත කලින් ආණ්ඩුව විසින් සම්මත කර­ගෙන තිබෙ­නවා. වස­රක් යන­තුරු මාර්ගෝ­ප­දේශ සකස් කළේ නැහැ.

නමුත් අපේ ආණ්ඩුව එය කළා. පඹයා හදලා වෙලේ ගහලා තිබුණේ. අපි මේ ව්‍යායා­මය සාර්ථක කර තිබෙ­නවා. අපි ජන­ව­රම අනුව කට­යුතු කර තිබෙ­නවා. ට්‍රාන්ස්ෆේ­රන්ස් ඉන්ට­ර්නැ­ෂ­නල් ආය­ත­නය දූෂණ තත්ත්ව දර්ශ­කය සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර තිබෙ­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *