free web stats

අමෙරිකානු කොටස් වෙළඳපොළට වෙච්ච දේ

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අමෙරිකානු වේලාවෙන් ඊයේ එරට කොටස් වෙළෙදපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක තුනම පහත වැටී තිබෙනවා.

ඒ අනුව Dow Jones කාර්මික දර්ශකය 1% කින්ද, S&P 500 දර්ශකය 1.5%කින්ද, Nasdaq දර්ශකය 2%කින්ද මෙලෙස පහත වැටී ඇත.

මෙම සතිය තුළ එරට කොටස් වෙළෙඳපොළ මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව සිව්වන වරටත් වීම සුවිශේෂී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *