free web stats

ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඊයේ (20) පස්වරුවේ මෙම පක්ෂ නායක හමුව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙම හමුවේදී මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදය සහ එය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයට ඇති කරන බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම, එම අර්බුදයට මුහුණ දීම සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයින්ට පැහැදිලි කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රාවුෆ් හකීම් මහතා, මනෝ ගනේෂන් මහතා ඇතුළු පක්ෂ නායකයින් රැසක් සහභාගී ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *