ඉරානය අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
සිය විදුලි පද්ධතියට පහර දුන්නොත් කලාපීය බලශක්ති සහ ජල මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ, පැය 48 තුළ හොමූස් සමුද්‍ර සන්දිය විවෘත නොකළහොත් ඉරාන විදුලි බල පද්ධතියට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අනතුරු ඇඟවිමට ප්‍රතිචාර වශයෙන් වේ.
ඉරානයේ ඛාතම් අල්-අන්බියා මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි ප්‍රකාශ කළේ, අමෙරිකාවට සහ ඊශ්‍රායලයට සම්බන්ධ මුහුදු ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට ද ඉරානය පහර දෙන බවයි.

