බස් ගාස්තු ඉහළට
අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ගොස් ඇති අතර, අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ ගොස් ඇත.


