ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට ප්‍රහාරයක්
ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඉරානයේ දකුණු වරාය නගරය තුළ පිහිටි අදාළ ගුවන්විදුලි නාලිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ඉරානය වෙත එල්ල වූ ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් සංවිධානයක් පවසනවා.
ඊට අමතරව ඉරානය වෙත ප්‍රහාර එල්ල වීම ආරම්භ වී මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1400කට අධික පිරිසක් මියගොස් ඇති අතර දරුවන් 214දෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

