free web stats

ජනපති අනුර අගමැති මෝදි සමග දුරකථන සාකච්ඡාවක්

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග අද (24) සවස දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

වර්ධනය වන තත්ත්වයන් කලාපීය මෙන්ම ගෝලීය සැපයුම් ජාලවලට සිදු කරන අහිතකර බලපෑම් පිළිබඳව මෙහිදී දෙරටේ නායකයින්ගේ දැඩි අවධානය යොමු වූ අතර දෙරට අතර බලශක්ති සහයෝගිතාව පිළිබඳව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳවද සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *