උෂ්ණත්වය ගැන අවධානය යොමු කරන්න
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, වවුනියාව, මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (26) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිට්නවා.
දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අප්‍රේල් 01 දිනෙන් පසුව බලාපොරොත්තු විය හැකි බව ප්‍රකාශ කළ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා එම තත්ත්වය මත සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පැවසූවා.
මෙම කාලය වැසි තත්ත්වය අඩු කාලයක් යැයිද ශ්‍රීමාල් හේරත් මහතා වැඩිදුරටත් කියා සිට්යා.
එමෙන්ම ඉදිරි නොවැම්බර්, දෙසැම්බර් මාසවල ඇති විය හැකියැයි සැලකෙන එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ඇති වනුයේ වක්‍ර බලපෑමක් යැයිද ඔහු ප්‍රකාශ කළා.
ඊයේ (25) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා විය.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සදහන්.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතීන බවයි කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ.

