free web stats

රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති අද දිවයිනට

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුලු දුත පිරිසක් අද (26) දිවයිනට පැමිණිමට නියමිතයි.
ඒ, මෙරට රජයේ ආරාධනයකට අනුවයි.

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

ඉන් අනතුරුව, රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ද නියමිතයි.

එහිදී මෙරට බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා වන එකඟතාවන් කිහිපයක් සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා.

අදාළ සාකච්ඡාවලින් අනතුරුව, හෙට (27) රාත්‍රියේ මෙරට විදේශ අමාත්‍යවරයා සහ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමග රාත්‍රි භෝජන සංග්‍රහයකට ද එක්වීමට නියම්තයි.

දෙදින නිල සංචාරය අවසන් කර රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා 28 වැනිදා යළි රුසියාව බලා පිටත්වීමට නියමිතවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *